Friday, July 21, 2017

Knowledge, Skills, Abilities/Talents

ලෝකයේ සිටින මිනිසුන්ගේ හැකියාවන් විවිධාකාරය පර්යේෂණ අනුව අපගේ ක්‍රියා කාරකම් හැසිරීම් පමණක් නොව බුද්ධියද පාළණය කිරීමට අපගේ ජාන බලපායි. කොටින් ම කියනවානම් ජාන මගින් 50% පමන මේවා පාලනය කරන අතර ඉතිරි 50% පරිසර අනුබද්ධ වේ. මෙය සමාන නිවුන්නු යොදාගෙන කල පර්යේෂණ වලින් හෙලිකරගෙන ඇත. සමාන නිවුන්නු වෙනස් මවුපියන් වෙත කුඩාකාලයේ ලබා දුන්නද ඔවුන්ගේ රුචි අරුචි කමි බොහෝ දුරට සමාන වන අතර ඔවුන් ගේ බුද්ධි මටිටම බොහෝවිට ඔවුන්ගේ සත්‍ය දෙමාපියන් ට ලංවන අතර හදාවඩාගත් දෙමාපියන්ගේ බුද්දිමටිටම හා විශාල වෙනසක් දක්වයි. කොටින්ම මිනිසුන්ගේ කලහකාරිබව සංවේදි බව පවා ජානමගින් ලැබෙන දෙයක් වේ. සමහර ජාන ඇති මිනිසුන් කලහකාරි බවට වැඩි නැබුරුතාවක් දක්වන අතර එවැන්නකුට පරිසරයේ බලපෑම තදින් උවහොත් භයානක මිනිසුන් ඝාතනය කරන්නකු බවට පත්විය හැක.
මෙම ජාන වල බල පැම මත මිනිසුන්ට විවිධ දකෂතා උපතින්ම ලැබේ තවත් ඒවා සමාජයේ විවිධ ක්‍රියා කාරකම් මගින් මිනිසුන් උපයා ගනී මේවා සමග අපට Knowledge, Skills, Abilities/Talents හමුවේ


Knowledge(දැනුම)
දැනුම යනු අද්‍යාපනයේ ප්‍රතිඵලයකි ඔබ ඉගෙනීම මගින් යමියම් දේවල් කෙසේ වන්නේදැයි උගනී එය කිරීමට මූලි ක අඩිතාලම දමයි. අද්‍යාපනයේ මුලික පරමාර්තය දැනුමයි.


Skills(කුසලතා)
මේවා යම් කිසික්‍රියාවක් නිතර නිතර කිරීම මගින් ලැබේ. ඔබ පාපැදියක් පැදීමට ඉගෙන ගැනීමට අවශ්‍යවිට එය නිතර නිතර සිදුකරයි. එවිට ඔබ එහි නිපුනත්වයට පැමිනේ. එලෙස ඕනැම දෙයක් නිතර නිතර කිරීම මගින් ඒ ඒ කාර්යයන් සදහා නිපුනත්වය ලැබේ. ඔබ වානිජ්‍ය කර ඇත්නමි ශ්‍රම විභජනය හා විශේෂීකරනය පාඩම මතක තිබෙන්න පුලුවන් යමික්‍රියාවක් නිතර කරන විට එහි නිපුනතාවට පැමිනේ දැනුම මගින් යම් කාර්යයක් කිරීමට අවශය ක්‍රියාවලිය උගන්නවන අතර එය නිතර නිතර කිරීම මගින් එහි නිපුන තාවට පැමිනේ. යම් දෙයක නිපුනතාවයට පැමිනිවිට එය ඔබගේ Skill එකක් ලෙස දක්වයි. මෙහි මට්ටම එක් එක් පුද්ගලයාට වෙනස්වේ මක්නිසාදයත්  නිපුනතාවය විවිධ මට්ටමින් පිහිටිය හැකි බැවිනි. එය 0 සිට 100 දක්වා පරාසයක් ලබා දුන හොත් විවිධ පුද්ගලයන් මෙම පරාසයේ විවිධ ස්ථාන වල තමන් ගේ දක්ෂතා ඇති බව දක්නට ලැබිය හැක. කෙනෙකු 10 ද තවවත් අයකු 80 ද ලෙස එවිට එක් පුද්ගලයකුට එම කාර්යය පහසුවන අතර අනෙකාට නිතැතින් ම එය අපහසු වේ.


Abilities/Talents
මෙය මිනිසුන්ගේ ජානවලට අනුබද්ධය, එනමි මිනිසුන් උප්පත්තියෙන් රැගෙන එන හැකියාවන් වේ. එය පුරුදු පුහුනු කිරීම මගින් තවතවත් ඔපමට්ටමි කරගත හැක. එවිට එම පුද්ගලයා විශිෂ්ඨයෙක් බවට පත්වෙයි. ජාන වලින් හැකියාවන් රැගෙන එන පුද්ගයන් එම කාර්යය පහසුවෙන් ඉටුකරයි. ඒවගේම පහසුවෙන් එහි නිපුනතාවය ලබයි ඉතා ඉක්මනින් විශිෂ්ඨයන් බවට පත්වෙයි. මෙය පුද්ගලානු බද්ධවෙයි සමහර පුද්ගලයන්ට ඇති අතර අන් අයට එය නොමැත. 

No comments: