Saturday, December 24, 2016

අධ්‍යාපනය රැකියාව හා කුසලතා

අප පාසල් අවදියේ සිට අධ්‍යාපනය ලබයි 1 වසරේ සිට 13 වසර දක්වා විවිධ අවධි පසුකරමින් ඉගෙනුම ලබයි. 11 වසර අ.පො.ස. සාමාන්‍ය පෙල විභාගයට පෙනීසිට එයින් සමත්වු පසු කලා, වානිජ, විද්‍යා වැනි විවිධ විශය ධාරා තෝරා ගනී. මෙම තෝරා ගැනීමේදී ඔබ සලකා බලන්නේ කුමක්ද? ඔබ බොහෝවිට ඔබගේ අ.පො.ස සාමාන්‍ය පෙල විභාගයේ ලකුණූ මත එම තෝරා ගැනීම කරයි. ඔබට බෙහෝවිට එම විශය ධාරාවන් වල කොතරම් දක්ශතා දැක්විය හැකි ද යන්න නොසලකා හරී.

විවිධ මිනිසුන් විවිධ විශයන් වලට දක්ෂතා දක්වයි. ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත යැයි පවසන්නේ ඒ බැවිනි. තමන් දක්ෂතා දක්වන විශය අතහැර අ.පො.ස. සාමාන්‍ය පෙල විභාගයේ ලකුනු මත විශය ධාරා තෝරාගත් විට ඔබට එම විශයන් නිතතින්ම නීරස වෙයි. ඉගෙනීමට අපහසුවෙයි. එබැවින් ඔබ උගෙන ගත යුත්තේ තමන් දක්ෂතා දක්වන විශය ධාරාවය.

කෙසේ හෝ ඔබ අධ්‍යාපනය හමාර කර රැකියාවක් කිරීමට බලාපෙරොත්තු වෙයි. ඔබ රැකියාවක් තෝරාගනී බෙහෝවිට එය වැටුප පදනම්කරගෙන කරන කාර්යයකි. නමුත් රැකියාවක් කිරීමේදි විවිධ කුසලතාවයන් අවශ්‍යවේ. ඔබට එම රැකියාව සඳහා අවශ්‍ය කුසලතාවයන් නොමැතිනමි එම රැකියාව කිරීමේදි විවිධ ගැටළු වලට මුහුන දීමට සිදුවෙයි.

තවද ඔබ කොතෙක් එම රැකියාව සදහා අවශ්‍ය කරන අධ්‍යාපන සුදුසු කම් ලබාගත්තද ඒවා මගින් අවශ්‍ය කුසලතාවයන් ලබා නොදේ එබැවින් ඒවායින්ද ඔබට හරි ප්‍රයෝජනයක් ගත නොහැකිවේ. එබැවින් තමන් කලයුත්තේ තමන්ගේ කුසලතාවන් වලට සරිලන රැකියාවකි. එවැනි කුසලතාවයට සරිලන රැකියාවකට අදාලව අද්‍යාපනය ලැබූවිට ඔබගේ හැකියාවන් වඩවඩාත් ඔපමටිටම්වේ. එවිට ඔබට දීර්ග කාලයක් එම ශ්‍රේත්‍රයේ පැවත්මක් අැති අතර පසුකාලයේදී එහි නිපුනයෙක් ලෙස (Expert) කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

මිනිසුන් ගේ හැකියාවන් විවිධාකාර වෙයි. සමහරු සමාජීය අන්තර් සම්බන්දතා ඇතිකරගැනීමට දක්ශතාදක්වයි. එවැනි අය  අලවි (Marketing) වැනි ශ්‍රේත්‍රවල තමන්ගේ හැකියාවන් පෙන්වනු ලබයි. එමෙන්ම ජිවිතයේ තාර්කික ලෙස සිතන මිනිසුන් ඉන්ජිනේරු/දර්ශනය වැනි ශ්‍රේත්‍රවල දක්ශතා දක්වයි. එලෙස විවිධ හැකියාවන් ඇති මිනිසුන් විවිධ ශ්‍රේත්‍ර වල දක්ශතා පෙන්වයි. 

මිනිස් මොලයේ විවිධ ප්‍රදේශ මගින් විවිධ ක්‍රියාකාරකම් පාලනය කරයි. එක් ප්‍රදේශයක් මගින් ඔබ සමාජීය අන්තර් සම්බන්දතා ගොඩනැගීම සිදුකරයි. එය වර්ධනය වීඇති අය ඉතා පහසුවනේ සමාජීය අන්තර් සමිබන්දතා ඇති කර ගනී. තව කොටසකින් තර්කනය පාලනය කරනු ලබයි එය වර්දනය වු මිනිසුන් තාර්කිකය. තව කොටසක් මගින් භාශාව වැනිදේ පාලනය කරයි. එය වර්ධනය වූ අය භාශාව චතුර ලෙස හසුරවයි. එලෙස විවිද කොටස් වර්ධනය වීම මත ඔබගේ් චරිතයද ඔබගේ කුසලතාවයන් ද තිරනය වෙයි.

තමන්ගේ දක්ෂතා වලට අනුව අද්‍යාපනය සකස්කල විට ඔබ ඉතා පහසුවෙන් එම ශ්‍රේත්‍රය ජය ගනී. එසේ නොමැති උවහොත් ඔබ ඉතා විශාල ප්‍රශ්නවලට මුහුන පානු ඇත. එබැවින් ඔබ ඔබගේ අධ්‍යාපනයද රැකියාවද තෝරාගතයුතු වන්නේ ඔබගේ කුසලතාවයන් අනුවයි.