Friday, August 20, 2010

දත්ත සමුදාය කළමනාකරණ පද්ධතිය

හැදින්වීම


අද ලෝකයේ විශාල වශයෙන් දත්ත සමග කාර්යයන් කරයි මෙම දත්ත නොයෙක් අයුරින් සැකසීමට හා එවා නැවත ලබාගැනීමට අවශ්‍ය වේ මෙලෙස දත්ත හැසුරවීමට ත් එවා නැවත සකස්කර ලබාගැනීමටත් දත්ත සමුදාය කලමණාකරණ පද්ධතීන් වැදගත් වෙයි.
එනම් බැංකු කළමනාකරණ වැඩසටහනක් මගින් බැංකුවෙහි ගිනුම් ඇති පුද්ගලයන්ගේ බැංකු ගිනුම් ඉතා ඉක්මනින් ලබාගතහැකි වෙයි. තවද බැංකුවහි සේවයකරණ පුද්ගලයන්ගේ විස්තර ඉතා ඉක්මනින් ලබා ගැනීමේ හැකියාවක්ද ලැබේ.
Online airline reservation පද්ධති මගින් පුද්ගලයන්ට නිවසේ සිටම ගුවන් හානා ටිකටිපත් මිලදීගැනීමට හැකියාව ‍ලැබේ. තවද අවශ්‍යපරිදි ගුවන් යානා සමාගමට දත්ත ලබාගනිමින් තමන්ගේ ගුවන් යානා ටිකටි විකිණීමේ හැකියාව ලැබේ. මෙවැනි පද්දතීන් ට දත්ත ගබඩාකර තබාගැනීම හා අවශ්‍ය අවස්තාවලදී දත්ත සකසා ලබාගැනීමේ හැකියාව අත්‍යාවශ්‍ය වේ. එමෙන්ම ඉතා විෂාල දත්ත ප්‍රමාණයක් පවතින විට ඉතා ඉක්මනින් හා ඉතා පහසුවෙන් දත්ත ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ.
ඈත අතීතයේදී මේ සදහා File භාවිතා කරණු ලැබූ අතර ඒවා ඉතා මන්දගාමී විය. තවද එකක් පසුපස එකක් වනපරිදි (sequential ) ප්‍රවේශයක් ලබාදෙනලදි. තවද දත්ත හා පරිගණක වැඩසටහන එකාබද්ධව කටයුතු කල බැවින් දත්ත වෙනස්කිරීමේදී හෝ දත්ත යන් මත තවත් දත්ත වර්ග ඇතුලත් කිරීමේදී විශාල වශයෙන් පරිගණක වැඩසටහන වෙනස්කිරීමට සිදුවිය.
නමුත් දත්ත සමුදාය කලමණාකරණ පද්ධතියක් මගින් තමන්ට අවශ්‍ය රෙකෝඩ අවශ්‍ය ස්ථානයෙන් ඉතා පහසුවෙන් ලබාගැනීමේ හැකියාව පවතියි.
දත්ත සමුදායක් ගත් කල එමගින්

දත්ත හා ස්ථානයේ ස්වාදීන බව - එනම් දත්ත සමුදාය හා සම්බන්ධවන වැඩසටහන දත්ත හා ඒවාතැම්පත් කර ඇති ස්ථානයෙන් ස්වාදිනව කටයුතුකල හැක.
කාර්යක්ෂමව දත්ත වෙත ඇතුලුවීමේ හැකියාව - එනම් දත්ත විශාල ‍වශයෙන් පවතින විට පවා අවශ්‍ය දත්ත ඉතා ඉක්මනින් කාර්යක්ෂමව ඉක්මනින් ලබා ගැනීමේ හැකියාව.

දත්ත ආරක්ෂාව - දත්ත වලට ප්‍ර‍වේෂවීම කවර මට්ටමකින්දදන්න තීරණය කරගතහැක. එනම් එක් එක් දත්ත වලට ප්‍රවේෂවීමට එක් එක් පුද්ගලයන්ට වෙනවෙනම ප්‍රවේෂ අංක ලබාදියහැක එමගින් දත්ත වල ආරක්ශාව සැලසේ.

දත්ත කළමණාකරණය - දත්ත ඉතා පහසුවෙන් කලමණාකරණය කිරීමේ හැකියාවක් ලැබේ. එනම දත්ත සමදාය කලමණාකරැවන්ට දත්ත මත විවිද කියාකාරකම් කරමින් දත්ත වල ප්‍රයෝජනවත් බව වැඩ්කිරීමටද Back up ලබාගැනිමට වැනි කාර්යයන් කිරිම පහසුවෙන් කරගැනීමටද දත්ත වලට ඇතුලත් වන්නන්ට වෙනවෙනම ප්‍රවේශලබාදීම මගින් දත්ත වල ආරක්ෂාව වැඩිකිරීමද සිදුවේ.

එකවරදත්ත හැසිරවීමේ හැකියාව - එනම් එකවර කිහිවදෙනෙකුනට දත්ත වලට ඇතුල්වී තමන්ට අවශ්‍ය පරිදි දත්ත වෙනස්කිරීමෙ හැකියාව ලැබේ.

දත්ත සමුදායක් නිර්මාණය කිරීමේදී. පහත පරිදි පියවර අන්‍රගමණය කරණු ලැබේ.
• අවශ්‍යතා විෂ්ලේෂණය කිරීම.(requirement analysis)
• සංකල්පමය දත්ත සමුදායක් ගොඩනැගීම.(conceptual Database Design)
• තාර්කික දත්ත සමුදායක් නිර්මාණය.(Logical Database Design)
• සංශිප්ත ලෙස නිරූපනය කිරීම.(Schema Refinement)
• භෙතිකලෙස දත්ත සමුදාය නිර්මාණ්‍ය කිරීම.(Physical Design)
• දත්ත ආරකෂාව යෙදීම.(Security Design)

අවශ්‍යතා විෂ්ලේෂණය කිරීම


මෙමගින් අවශ්‍යතාවයන් විෂ්ලේෂණය කරන්‍ර ලබයි. එනම් වැඩසටහන නිර්මාණය කිරීමට ඇති අවෂ්‍යතාවය පරිශීලකයාට කුමක් අවශ්‍යද යන්න සොයා බැලීම කරණු ලැබෙයි. මෙම ක්‍රීයාවලියේ ප්‍රතිධානය අවශ්‍යතා ලියවිල්ලයි. (Requirement Document)

සංකල්පමය දත්ත සමුදායක් ගොඩනැගීම.


‍මෙම අවදියේදී සංකල්පමය ආදර්ෂයක් ගොඩනගනු ලබයි. එමගින් දත්ත සමුදායට ඇතුලත් වියයුතු සියඵම දත්ත විස්තර කරණු ලබයි මෙහි ප්‍රතිධානය ER Diagram (Entity Relationship) වේ.

තාර්කික දත්ත සමුදාය නිර්මාණය කිරීම.


මෙමගින් ER රූපසටහන Relational Schema වලට පරිවර්තනය කිරීම සිදුකරයි.

සංශිප්ත ලෙස නිරූපනය කිරීම



ඉහත පියවර වලින් ලබාගත් දත්ත තවදුරටත් විෂ්ලේෂනය කිරීම මෙහිදී සිදුකරයි මෙහිදී ඇතිවන redundancy ඉවත් කිරීම සිදුකරයි. මේ සදහා Normalization භාවිත කරයි. මෙමගින් එකම දත්තය නැවත නැවතත් දත්ත සමුදායට ඇතුලත් කිරීම වැලැක්වීම සිදුකරයි.