Wednesday, January 6, 2016

Inventory Control System

Tuesday, January 5, 2016

මනස හා එහි ක්‍රියාකාරීත්වය

කවුරුන් හෝ ඇසුව හොත් මේලෝකයේ භයානකම ආයුධය කුමක්ද යන්න බොහෝ දෙනාගේ පිලිතුරවන්නේ න්‍යෂ්ට්ක බෝම්බ, ජෛව රසායනික ආයුධ, සමහර පර්යේශණ වලින් නිපදවා ඇතැයි කියන ජාන විකෘත්ති කරණ ලද බැක්ටීරියා වෛරස් ලෙස පිලිතුරු ලැබෙනු ඇත.

නමුත් මාගේ මතයනම් මේ ලෝකයේ පවතින භයානකම ආයුධය වන්නේ මිනිස් මනසයි. මක් නිසාදයත් එම මිනිස් මනස අද නොපැවතියානමි ඉහත කී කිසිදු භයානක ආයුධ අපට දක්නට නොලැබෙන බැවිනි.
අපි මනසේ ක්‍රියාකාරීත්වය සොයාබලමු. බටහිර විද්‍යාවට අනුව එය ප්‍ර‍ධාන වශයෙන් කොටස් දෙකකි එනම් conscious mind,subconscious mind (පියවි සිහිය ඇති කොටස හා පියවි සිහියට යටින් ඇති කොටස) ලෙසයි බුද්ධ ධර්මය අනුව මනස චෛතිසිකයන් ගෙන් ගොඩනැගුනු දෙයක් ලෙස විග්‍ර‍හ කරණ අතර එහි විවිධ චිත්ත පරමිපරා ඇතිවීම නැති වීම ගැන දේශණාකරයි. එලෙසම විවිද සිත් පවතින බව දේශනාකරන අතර මිනිසුන්ගේ සිතුවිලි අනුව ඒවා වෙනස් වන බව කතාකරයි.

බෞද්ධ මතයෙන් ටිකක් බැහැරව මම එය බටහිර මනොවිද්‍යාවට අනුව විග්‍ර‍හයක් මෙහිදී කිරීමට බලාපොරත්තු වෙමි. මක්නිසාදයත් බොහෝ අය එය වරදවා තේරුම් ගෙන ඇති බවයි මාගේ මතයයි.
බටහිර විද්‍යාවට අනුව මනසේ පියවිසිහිය ඇති කොටස අපගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාවන් පාලනය කරනවා අපි හිතන පතන දෑ දවසේ කරණ ක්‍රියාවන් පාලනය වන්නේ මෙයින්.

නමුත් පියවි සිහියට නොමැතිව ඇති කොටස ඒය ගැන අද්‍යනය කිරීම හා විග්‍ර‍හය මදක් අපහසුයි බටහිර විද්‍යාවට අනුව මෙම කොටසේ මිනිසුන් සාංසාරිකව කල හොද නරක මෙන්ම උපයාගත් දේ ද තැම්පත් වී තිබෙනවා යම් කෙනෙකුට මෙම කොටසට ඇතුල්වීමට හැකිනමි ඔහුගේ ආත්ම වල උපයාගත් දේ අනුව ඔහුට බොහෝ දේ නැවත ලබාගත හැකියි.

උදාහරණයක් ලෙස මම එඩ්ගා කේසි ගෙන දෙන්නමි. ඔහු අවු 5000 කට පෙර විසූ ඉතා බලගතු පූජකයෙක් වෙනවා ඔහු යම් කෙනෙක් ඔහු වෙත පැමිණිවිට ස්වං මොහනය මගින් තමන් ගේ මනස අර අවු 5000 ට කලින් තිබූ තත්වයට රුගෙන යනවා. පසුව එම මනසින් ඔහු දෙස බලා ඔබ ඉහත ආත්මයකදී මෙවැනි ක්‍රියා සිදු කිරීම හේතුවෙන් ඔබගේ අද තත්වය උදාවී අතිබවත් එවා යෙන් මිදීමට ජීවිතය කෙසේ වෙනස් කරගතයුතුද යන්න පිලිබදව පැහැදිලිකර දෙනලදි.

ඇත්තටම කියනවානම් බටහිර මනෝවිද්‍යාවට අනුව සිත් කියවීම "අති ඉන්ද්‍රීය ඥාණය" (ESP- Extra Sensory Perception) වැනි දේ මිනිසුන්ට කිරීමට හැකියාව ලැබෙන්නේ ඔවුන්ගෙ මෙම යටි සිත ඉතා ශක්තිමත් වූ විටයි. බුදු දහමට අනුව මට එය ව්ග්‍ර‍හ කිරීම අපහසුයි එහ හරියට අපගේ මනසට යටින් භවාංග ගතවී ඇති හිතක් ලෙස හදුන්වන්න පුලුවන්
ඇත්තටම මනස යනු ඉතා අරුම පුදුම වස්තුවකි එය කොපමන උගෙන ගැනීමට උත්සහ කරත් එහි නිමක් නොමැති බවයි පෙනී යන්නේ.

මෙම වස්තුවට කොපමන හැකියාවක් බලයක් තිබේද යන්න එය නිතර භාවිතාකරන ඔබවත් නො දන්නවා වෙන්න පුලුවන්. ඇත්තට ම බොහෝ පොත්වල දක්වන්නේ මනස ඔබේ සර්ව බලධාරී දෙවියා බවයි. ඇත්තටම කියනවා නමි එය එසේමයි. ඔබ යමක්දැඩිව විස්වාස කලහොත් යමක් ඔබට ලැබෙන බව හැගුන හොත් එසේවනබව ඔබද දැනී තිබෙනවාද? ඇත්තටම ඔවු ඔබේ මනස ඔබ ඉල්ලන ඕනැම දෙයක් ඔබට දෙන්න ලැස්තියි. ඔබ විභාගයක් සමත්වන බව දැඩිලෙස විස්වාස කරන්න. එවිට ඔබේ මනස එම විභාගය සමත්වීම සදහා ඔබ සුදානම් කරාවි ඔබට විනාඩියක්වත් නිකරුනේ කාලය ගත කිරීමට නොසිතේවි සැම මොහොතකම පාඩම් කිරීමට හිතේවේ. ඔබේ සිත ඔබව ක්‍ර‍ම ක්‍ර‍ම යෙන් ඒ දෙසට යොමුකරාවි.

ඒකයි මිනිසුන් පවසන්නේ විස්වාසයට විශාල බලයක් ඇතිබව, බොහෝවිට ඔබ අසාඇති මම ඒක විස්වාස කලා ඒක ඒවිධිහටම උනා යන්න. එසේ වන්නේ ඔබව යම් දෙවියෙක් හෝ යක්ෂයෙක් මෙහෙයවන නිසා නොවේ ඔබ එය දැඩිව විශ්වාෂකරනවිට ඔබගේ මනස ඒ දෙය කිරීමට ඔබව පෙලබවන නිසා ඇත්තටම ඔබව මෙහෙයවන දෙවියා හෝ යක්ෂයා ඔබගේ සිතයි.

 මා අසා තිබෙනවා කිතුනු ආගමහි පවසනවා ඔබට දෙවියන් කෙරෙහි අබ ඇටයක් තරම්වත් විශ්වාසයක් ඇත්නම් ගස මෙතනින් ගොස් මුහුද මැද පැලවෙවයි පැවසුව හොත් එය එසේවන බව ඇත්තටම එයින් පවසන්නේ විස්වාසයේ ඇති බලයයි. තවද ඔබ බෝධිපූජා වැනි වතාවත් කර තමන් ගේ දැන් පවතින තත්වයන් මිදිය හැකියයි කල්පනාකර එය කරයි නමි. එය දැඩිව විස්වාස කරයි නමි. එය එසේම වෙනවා. මොකද ඔබ යම් දෙයක් විශ්වාස කරන විට ඔබගේ මනස එය ඔබට ඉටුකරගැනීමට උදවු වෙනවා. මෙය සමහර රොගීතත්වයන් සුව කිරීම් වලදී ද යොදාගන්න වා. රොගීයාට දෙන බෙහෙත් වලින් ගුනයක් ඇති බව ඒත්තු ගැන්වීම මගින් සමහර රෝග ඉබෙම සුව කිරීමට හැකි බවට අද පර්යේෂණ මට්ටමින් පවතිනවා. ඔවුන්ට විටමින් පෙතිවැනි බෙහෙත් නිර්දේශකර එය තම රෝගය නිට්ටාවට ම සුවවන බව රෝගීයාට ඒත්තු ගැන්වුවිට ඔවුන් ඉබෙම සුවවන බවට පර්යේශන මගින් අද ඔප්පුවී පවතිනවා. https://en.wikipedia.org/wiki/Placebo මෙය ප්ලසීබෝ(Placebo) effect ලෙස වෛද්‍ය විද්‍යාවේදි හදුන්වනු ලබනවා. (http://www.cancer.org/treatment/treatmentsandsideeffects/treatmenttypes/placebo-effect)

ඒකයි අපේ පැරැන්නෝ කිවුවේ හිත ඇත්නම් පත කුඩාද කියලා. ඇත්තටම එය අපූරු වස්තුවක් ඒවගේම ඔබගේ මෙම දෙවියා ඔබ ඉල්ලන දේ ලබා දෙනවා එබැවින් ඔබ පරිස්සම් ව්ය යුතුයි. ඔබ ඔබට නුසුදුසු දෙයක් ඉල්ලුවහොත් ඔබගේ මේ දෙවියා ඔබට එය නිසකවම ලබා දෙන බැවින් එබැවින් තමන් දැඩිව විස්වාස කරණ දේගැන ප්‍රවේසම්වන්න මොකද එය නපුරු චේතනාවකින් කරන එකක්නම් ඔබටද ඔබවටා ඉන්න අයවලුන්ටද මහා විනාශයකට මග පාදනුඇත.