ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය නූතන යුගයේ ශ්‍රී
ලංකාවේ අධ්‍යාපන ශ්‍රේත්‍රයේ මහත් පෙරලියක් කිරීමට ගෙන ආ සංකල්පයකි. නමුත් එය
තවමත් අවශ්‍ය ප්‍රතිථළ අධ්‍යාපනයට ලබාදී නොමැත. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය යනු
ශිෂ්‍යයයන්ව යම් විශයක් තනිව ඉගෙන ගැනීමට යොමුකිරීමයි. මෙහි දී බහුතර මතය
වන්නේ ගුරුවරයාගේ කාර්ය භාරය අවම වන බවයි. නමුත් එය මිත්‍යාවක් බව මගේ අදහසයි.
ශීෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ කල යුත්තේ ශිෂ්‍යයන්ට
එම විශයේ මුළික සංකල්ප ඉගැන්වීමයි පසුව එම ව්ශය වැඩිදුර අධ්‍යනය සඳහා ඔවුන්
යොමුකිරීමයි. එය පොත් පත් මගින් නිරීක්ෂණ මගින් අන්තර්ජාලය පරිහරනය කිරීමෙන් වැනි
ක්‍රියා වලින් සමන්විත වේ. මෙහිදී ශිෂ්‍යයා දැනුම පිපාසයෙන් පෙනෙන්නෙකු වියයුතුවේ
දැනුම සොයා යන්නකු විය යුතු වේ.
මේ සදහා ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් අධ්‍යාපන
බළධාරීන් හා ගුරුවරුන් සපයා දිය යුතුවේ. එනම් ඔවුන්ට පරිහරණය කිරීමට හොද
පුස්ථකාලයක් සෑම විශයක් ගැනම ඉගෙන ගත හැකි. පරිගණක කාමරයක් හා අන්තර්ජාල පහසුකම්
හා ඒවා භාවිතා කිරීම සදහා දැනුවත් කිරීම්.
මෙහිදී ශිෂ්‍යයා විසින් යම්යම් කරුණු පරිහරණය කරණ
අතර ගුරුවරයා ගේ කාර්ය භාරය වන්නේ ඔවුන්ට නෙවැටහෙන යම් කරුණක් වේනම් එය ඔවුන්ට
විසදාදීමයි. ඒසදහා ගුරුවරයා විශය පිළිබද මනාදැනුමකින් යුක්ත විය යුතුවේ. බොහෝ විට
පොත්පත් පරිහරණයේ දී. ශිෂ්‍යයාට ගැටලු ඇතිවන්නේ තමන් උගත් දෙයින් බාහිරවයි එනමි එය
Syllabus එකහි අඩංගු කරුණුවල නොවේ. ඒ අවස්තාවේදී ගුරුවරයාට
එමකරුණු ශිෂ්‍යයාට පැහැදිලි කර දීමේ හැකියාව තිබිය යුතුවේ. ඒ අවස්තාවෙදී ශිෂ්‍යයාට
ලැබෙන්නේ ඕක විභාගයට එන්නෙනෑ හෝ ඒක Syllabus එකට
අදාලනෑ යන්න නම් එතන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් නොමැත.
මා දන්නා කරුණක් වන්නේ මෙම ක්‍රමය ක්‍රියාත්මක
වන රටවල ගුරුවරු එම විශය හි නිපුනයෝය ඔවුන්ට විශය පිලිබද Master හෝ PhD උපාදිවලින්
යුක්ත වේ. තවද එම රටවල උදාහරණ ලෙස තොරතුරු තාක්ෂණය ගත හොත්. මෘදුකාංග
ඉංජිනේරුවරයකුට වඩා ගුරුවරයකුගේ වැටුප ඉහලය. මක්නිසාද යත් මෘදුකාංග ඉංජිනේරුවකුට
තම රාජකාරි කිරීමට අවශ්‍යවන්නේ තමන්ගේ රාජකාරි හා සම්බන්ධ සීමිත දැණීමක් පමණි.
නමුත් තනිවම ඉගෙන ගන්නා ශිෂ්‍යයන් විසින් තොරතුරු තාකෂණයේ සමහර කරුණු පිලිබද ඉතා
ගැබුරින් ප්‍රශ්න ඇසීමට ඉඩඇත මෘදුකාංග නිපදවීමට එවැනි කරුණු අවශ්‍ය නැති නිසා
නිපදවන්නන්ට එය අවශ්‍ය නැති උවත් කුතුහලය ඇති ශිෂ්‍යයන් ඒවා ගැබුරින් හැදෑරීමට
අවශ්‍ය බැවින් ඒවා අධ්‍යණය කර ගුරුවරුන්ට අපහැදිලි තැන් පැහැදිලි කරගැණීම සදහා යොමුකරණු ඇත එවිට ඒවාට සාධාරණ පැහැදිලිකිරීමක් ගුරුවරයා ලබා දියයුතු වේ.
එසේ නොමැති උවහොත් මෙම ක්‍රමය සංකල්පයක් මිස ප්‍රායෝගීකව
යොදගත හැකි ක්‍රමයක් නොවේ. තවද ශිෂ්‍යයන්ගේ දැනීම මැනීමේදී ප්‍රශ්න පත්‍ර දැනට
දක්නට ලැබෙන ක්‍රමයෙන් මිදී දැනුම සොයා යාමට ශිෂ්‍යයන්ව පොලබවන ලෙස සකස්
වියයුතුය. එසේ නොමැති උවහොත් ඔවුන්ගේ මූලික බලාපොරත්තුව විභාගය සමත්වීම බැවින්
ඔවුන් නූතන ක්‍රමය අතහැර පැරණි ක්‍රමයම භාවිත කරණු ඇත
එබැවින් මෙම සංකල්පය යතාර්තයක් කිරීමට එය
සංකල්පයක් ලෙස හදුන්වාදීමම නොව ඒ සදහා අවශ්‍ය යටිතල පහසුකම් ශිෂ්‍යයන්ට සැපයිය
යුතු බව මගේ අදහසයි.
No comments:
Post a Comment